ප්‍රදේශයේ විශිෂ්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික කුසලතා සහිත පරපුරක් බිහි කරන මූලික අධ්‍යාපනික හා පුහුණු මධ්‍යස්ථානයක් වීම.
දරුවන් හා ගුරුභවතුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මූලික හා ප්‍රායෝගික හැකියාවන් සපයමින් නවෝත්පාදන චින්තනයෙන් හෙබි අනාගත පරපුරක් නිර්මාණය කිරීම.
1982 වසරේදී පාසල් පද්ධතියට පරිගණක යන්ත්‍ර ඇතුළත් කිරීම සඳහා එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නියම ව්‍යාපෘතියක් යටතේ පාසල් 112ක් තෝරා එක් පරිගණකය බැගින් ලබා දෙන ලදී.
ඒ සඳහා එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙකු වූ D.A. පෙරේරා මහතාත් විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයෙකු වූ K.A.V. කරුණානායක මහතාගේ නායකත්වයෙන් micro electronic program නම් ව්‍යාපෘතියක් ආරම්භ කර ගුරුභවතුන් පුහුණු කිරීම, පරිගණක සැපයීම, නඩත්තු කිරීම හා විෂය මාලාවන් සැකසීම සිදු කරන ලදී.
ඉහත ව්‍යාපෘතිය පවත්වාගෙන යාමේදී ඇති වූ ගැටළු නිසා හා දිවයින පුරා පැතිරුණු අඛණ්ඩව පවත්වා ගත හැකි වැඩසටහනක් සකස් කිරීමට එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ධූරය දැරූ M.D.D. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර එදා 1994 වසරේ දී පරිගණක සම්පත් මධ්‍යස්ථාන අටක් පිහිටවන ලදී.
පසුව එය 90 දක්වා ව්‍යාප්ත වූ අතර මධ්‍යස්ථාන තුන්සියක් පිහිටවීම ඉලක්කය විය. එම එක් එක් ආයතනයේ සඳහා ගුරුභවතුන් පස් දෙනකු බැගින් පුහුණු කර අනුයුක්ත කරන ලදී. ආරම්භයේදී ලැබුණු සම්පත් වලට අමතරව අනෙකුත් සියලුම සම්පත් මධ්‍යස්ථානයේ අරමුදලින් සපයා ගන්නා ස්වයං පෝෂිත ආයතනයක් වීම විශේෂ කරුණකි.
මෙම මධ්‍යස්ථාන අතීතයේ හැදින්වූයේ:
එම මධ්‍යස්ථාන ඉන්පසු පහත ලෙස නම් කරන ලදී:
2022 මාර්තු මස 09 දින සිට මෙම මධ්‍යස්ථාන Information Technology and Distance Learning Hub (ITDLH) - තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය ලෙස හඳුන්වන් ලැබේ.