නව පාඨමාලාවන් සඳහා අයදුම්පත් භාරගැනීම සිදුකෙරේ.
සියළුම ක්ෂේත්‍ර වල පරිගණක ආශ්‍රිත පුහුණුවීම් හා පාඨමාලා දැන් පැවැත්වේ.

ඉතිහාසය | History


ලංකාවේ පාසල් පරිගණක අධ්‍යාපනයේ ආරම්භය

1983 වර්ෂයේ දී මුල්වරට අධ්‍යාපන අමාත්‍යංශය මගින් උසස් පෙළ විද්‍යා අංශය සහිත පාසල් වල එම අංශයේ වෙනත් විෂයයන් පරිගණක භාවිතයෙන් ඉගැන්වීම ප්‍රචලිත කිරීමේ අරමුණින් පරිගණක භාවිතය හඳුන්වා දෙනු ලැබීය. මේ යටතේ පාසල්වල භාවිතා වූ මුල්ම පරිගණකය ලෙස සැලකෙන Sinclair ZX Spectrum වර්ගයේ පරිගණක එම පාසල් වලට ලබාදී තිබුණි. වර්තමානයේ කුඩා Keyboard එකක් තරම් වූ එම පරිගණකයක තිරය ලෙස රූපවාහිනී යන්ත්‍රයක් ද ගබඩා කිරීමේ අංශය (Storage)ලෙස කැසට් පටි ධාවන යන්ත්‍රයක් ද යොදාගනු ලැබීය.

මුලින්ම ගුරුභවතුන් පුහුණු කිරීමේ කාර්යය සඳහා දිවයින පුරා පරිගණක පුහුණු කිරීමේ ආයතන 06 ක් පාසල් මට්ටමින් ආරම්භ කරන ලද අතර, අවට පාසල් වලට ද ඒවායේ සේවය ලබාගැනීමට පහසුකම් සැලසුනි. මෙම මධ්‍යස්ථාන ගුරුභවතුන් පුහුණු කිරීම සඳහා පමණක් යොදාගත් අතර, 1985 වන විට ගුරුභවතුන් 200 කට පමණ පුහුණුව ලබාදී තිබුණි. එම කාලයේදී අදාල පාසල් වල පරිගණක පිළිබඳ දැනුම ලබාදීම සඳහා විෂය නිර්දේශයක් ද භාවිතා විය. ඒ අනුව පාසල් වල පරිගණක පාඨමාලා පැවැත්විය යුතුවිය. අධ්‍යාපන අමාත්‍යංශය මගින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ වගකීම 1986 වර්ෂයෙන් පසු ජාතික අධ්‍යාපන ආයතනය (NIE)වෙත පැවරුණි.

1989 වර්ෂයෙන් පසු පාසල් සඳහා පරිගණක හා උපාංග මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන අදාල පළාත් අධ්‍යාපන කාර්යාල වලට වෙන්කර දෙනු ලැබීය. මේ අනුව එවකට පාසල් 350 කට පමණ මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට හැකිවිය. 1992 පමණ වන විට පාසල් වල ගුරුභවතුන් 800 කට පමණ පරිගණක පුහුණුව ලබාදී තිබුණි.

විවිධ  බාධාවන් හේතුවෙන් එම ව්‍යාපෘතීන් වල ඵලදායිතාව අපේක්ෂිත මට්ටමට රැගෙන ඒමට නොහැකි වූ අතර, පිරිවැය පමණට ලැබෙන සේවය මට්ටම සතුටුදායක නොවන බව පෙනුනි. පරිගණක අළුත්වැඩියාව සඳහා විධිමත් ක්‍රමවේදයක් නොවීම,  ඈත දුෂ්කර ප්‍රදේශ කරා පුහුණු ගුරුභවතුන් ගේ සේවය නොලැබීම, පාසල් වල පරිගණක ඒකක සඳහා ප්‍රමාණවත් ගොඩනැගිලි නොවීම, උසස් පෙළ පන්ති පැවැත්වූ පාසල් 1800 ට වත් පරිගණක විද්‍යාගාරය බැගින් ලබාදීම කළ නොහැක්කක් වූ බව පෙනීයාමත්, සාමාන්‍ය පාසල් කාලයෙන් පරිගණක අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් නොවීමෙන් සම්පත් අපතේ යාම මෙන්ම විධිමත් විභාග හෝ ඇගයීම ක්‍රමයක් නොවීම හේතුවෙන් සිසුන්ගේ උනන්දුව අඩුවීමත් යන කරුණු ඒ අතර විය.
මතු සම්බන්ධයි ...>>

පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංකල්පය