Grade10_ICT_දත්ත සන්නිවේදනය_SarathBogahapitiya_Rahula_Ns_CRC_Godakawela.
කෙටි ප්‍රශ්න
NIC යන්නෙහි දීර්ඝ යෙදීම වන්නේ?
- New Internet Connection
- Network Interface Card
- Network Interface Connection
- Net Interface Card.
පරිගණක ජාලයක් පහත ඒවායින් කුමක් බෙදා හදා ගැනීමට ඉඩ සලසනු ලැබේද?
- මුද්‍රක වැනි සම්පත්
- දත්ත හා තොරතුරු
- අන්තර්ජාලය
- ඉහත A , B හා C හි සඳහන් සියල්ල
පාසල් පරිගණක ජාලයක සුලභව යොදා ගන්නා දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වනුයේ කුමක්ද?
- සමාක්ෂක යොත් (Hub)
- සමාවෘත ඇඹරි රැහැන් යුගල
- විවෘත රැහැන් (open wire)
- ප්‍රකාශ රැහැන් (fiber optic cable)
ඒකපථ දත්ත සම්ප්‍රේෂණයක් දැකිය නොහැක්කේ පහත කුමන සම්ප්රේෂණයේදීද?
- ගුවන් විදුලි
- රූපවාහිනී
- දුරස්ථ පාලකය
- වෝකි ටෝකි
පරිගණක ජාල නිර්මාණය සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A. බොහෝ විට ස්ථානීය ප්‍රදේශ ජාල නිර්මාණය සඳහා සමාක්ෂක යොත් භාවිතා නොකරයි.
B. ස්ථානීය ප්‍ර දේශ පරිගණක ජාල නිර්මාණය කිරීමේ දී බහුල වශයෙන් යොදා ගන්නේ වළලු ආකාරයේ සහ බස් ආකාරයේ තල මිතීන්ය.
C. පරිගණක ජාලයක් භාවිතයෙන් දෘඩාංග මෙන්ම මෘදුකාංගද පොදුවේ භාවිතා කළ හැකිය.
නිවැරදි ප්‍රකාශය /ප්‍රකාශ තෝරන්න.
- C පමණි
- Aහා Bපමණි
- A,B,Cසියල්ලම
- Aහා Cපමණි
සමාවෘත ඇඹරුම් රැහැන් සම්බන්ධ සත්‍ය ප්‍රකාශය තෝරන්න.
- ඒවා නම්ය ශීලී නොවන නිසා පරිගණක ජාල නිර්මාණයට යොදා ගැනීම අපහසු වී ඇත.
. - එකිනෙක ඇඹරවූ කම්බි යුගල 3 කින් (කම්බි 6) කින් සමන්විත වේ
- ඒවා ස්ථානීය ප්‍රදේශ ජාල නිර්මාණයේදී බහුල ලෙස භාවිතා කෙරේ.
- බාහිර තරංග වලින් සිදුවන බාධා වළක්වාගැනීමට සමත් නොවේ
තරු වර්ගයේ ජාල තලමිතියක් ඇති පරිගණක ජාලයක මූලික උපාංගයක් විය හැක්කේ ,
- මොඩෙම්
- ස්විචය -Switch
- ජාල කාඩ්පත්
- මාර්ගකාරකය - Router
එක ගොඩනැගිල්ලක් තුළ සකසා ඇති පරිගණක ජාලයක් කුමන නමකින් හැඳින්වේද ?
- ස්ථානීය ප්‍රදේශ පරිගණක ජාල
Local area network (LAN)
(MAN) - පුරවර ප්‍රදේශ ජාල
Metropolitan area network - පාලිත ප්‍රදේශ පරිගණක ජාල
Controler Area Networks (RAN) - පුළුල් ප්‍රදේශ පරිගණක ජාල
Wide area network (WAN)
පරිගණක ජාලයක් සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න
- පරිගණක ජාලයක් ඔස්සේ කාර්යාලයීය ලිපිකරුවන්ට දෙදෙනෙකුට ගොනු හුවමාරුව සිදුකරගත හැක
- පරිගණක ජාලයක් නිර්මාණය කිරීමට මෘදුකාංග මෙන්ම දෘඩාංග ද අවශ්‍ය වේ
- ජාලගත පරිගණක සහිත පරිසරයක් තුල අනවශ්‍ය මෘදුකාංග පැතිරීමට ද හැකියාවක් ඇත
- පරිගණක ජාලයක සෑම පරිගණකයකම එකම ආකාරයක මෙහෙයුම් පද්ධති තිබිය යුතුය.
ජාලයේ පරිගණයක් ජාලය හා සම්බන්ධ වන වයරයක් කැඩී ගියහොත් සම්පූර්ණ පරිගණක ජාලයම බිඳ වැටෙන්නේ මින් කුමන ආකෘතියේද ?
- තාරුකා ආකාරය
- බස් ආකාරය
- මුදු ආකාරය
- දැල් ආකාරය
පරිගණක 2 ක් හෝ කිහිපයක් අතර දත්ත සම්ප්‍රේෂණය සිදු කිරීමේදී යොදා ගන්නා නීති රීති හැඳින්වෙන්නේ කුමන නමකින්ද ?
- නියමාවලි protocol.
- ඇල්ගොරිතම
- ක්‍රියාදාම procedure.
- සන්නිවේදන උපක්‍රම
පරිගණක ජාලයක ප්‍රධාන පරිගණකය හැඳින්වෙන්නේ
- මුල් පරිගණකය
- සේවාදායක පරිගණකය
- සේවා ලාභී පරිගණකය
- අන්ත පරිගණකය
පරිගණක ජාල අතර පණිවුඩ හුවමාරු කිරීම සඳහා යොදා ගන්නා දෘඩාංගමය හෝ මෘදුකාංගමය උපකරණය වනුයේ
- පාලම්
- මාර්ගකාරක
- ජාලකරණ ස්විච්
- මොඩෙම්
පරිගණකය මගින් නිර්මාණය කරන බිටු , සාම්ප්‍රදායික දුරකථන මාර්ගයක් හරහා සම්ප්‍රේෂණය කිරීම සඳහා ඒවා ------------------- බවට පරිවර්ථනය කල යුතුය.
- ප්‍රතිසම තරංග
- අංකිත තරංග
- බිටු
- බයිට
පරිගණකය මගින් නිර්මාණය කරන බිටු මොඩෙම් උපකරණයට ඇතුළු වීමට පෙර කුමන තත්වයක පවතීද ?
- පික්සල ආකාරය
- අංකිත ආකාරය
- ප්‍රතිසම ආකාරය
- තරංග ආකාරය
වැඩිම වේගයෙන් තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා යොදා ගන්නා රැහැන් වර්ගය වනුයේ ,
- සමාක්ෂක යොත්
- ප්‍රකාශ තන්තු
- විවෘත රැහැන්
- සමාවෘත රැහැන් යුගල
නියමු මාධ්‍ය උපාංග සඳහා උදාහරණයක් වන්නේ,
- නොවැසුණු ඇඹරූ කම්බි යුගල
- ගුවන් විදුලි තරංග
- ක්ෂුද්‍ර තරංග
- අධෝරක්ත කිරණ
අසත්‍ය ප්‍රකාශය තෝරන්න
- පූර්ණ ද්විපථ සන්නිවේදනය සඳහා දුරකථනය නිවැරදි උදාහරණයකි.
- එක් දිශාවකට දත්ත සම්ප්‍රේෂණය සිදු කර අවසන් වූ පසු අනෙක් දිශාවට සම්ප්‍රේෂණය සිදු කිරීම අර්ධ ද්විපථ සන්නිවේදනයයි.
- රූපවාහිනී ප්රවෘත්ති විකාශය වඩාත් සුදුසු වන්නේ අර්ධ ද්විපථ දත්ත සන්නිවේදනයක් ලෙස හැඳින්වීමය.
- ජාල කරණ ස්විචය පූර්ණ ද්විපථ දත්ත සන්නිවේදනය සිදු කරයි.
ජාල කරණ උපාංග සම්බන්ධ සත්‍ය ප්‍රකාශය තෝරන්න.
- මොඩෙම් උපකරණයක සහය නොමැතිව නූතන පරිගණක වලට අන්තර්ජාලය හා සම්බන්ධ වීමට හැකියාව ඇත.
- ජාල කරණ ස්විචය කාර්යක්ෂමතාවය අතින් ජාලකරණ නාභිය අභිබවා නොයයි.
- ජාලකරණ අතුරු මුහුණත යනු පරිගණක වල පමණක් දැකිය හැකි ජාල උපාංගයකි.
- ජාලයක ඕනෑම පරිගණකයක් අනන්‍ය ලෙස හඳුනා ගැනීමට අංකයක් යොදා ගනී.
සත්‍ය ප්‍රකාශය තෝරන්න.
- සෑම පරිගණක ජාලයක ම සේවා දායක පරිගණක පරිගණක මෙන්ම සේවාලාභී පරිගණක තිබීම අනිවාර්යය වේ.
- ජාල කරණ ස්විචය කාර්යක්ෂමතාවය අතින් ජාලකරණ නාභිය අභිබවා නොයයි.
- ජාලකරණ අතුරු මුහුණත යනු පරිගණක වල පමණක් දැකිය හැකි ජාල උපාංගයකි.
- ජාලයක ඕනෑම පරිගණකයක් අනන්‍ය ලෙස හඳුනා ගැනීමට අංකයක් යොදා ගනී.